
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, නායකත්වයේ වගකීම මීළඟ පරපුර වෙත පැවරිය යුතු බව සිය විශ්වාසය වන බවයි.
කෙසේ වෙතත්, ක්රීඩකයෙකු ලෙස තවදුරටත් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් සූදානම් බවත්, ශ්රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව ටෙස්ට් ක්රිකට් ක්රීඩාවේ නිරත වන බවත් ධනංජය ද සිල්වා තහවුරු කර ඇත.
ක්රීඩකයෙකු ලෙස කණ්ඩායමේ රැඳී සිටිමින් දායකත්වය ලබාදීමට ධනංජය ද සිල්වා ගත් තීරණය ශ්රී ලංකා ක්රිකට් ආයතනය පිළිගෙන ඇති අතර, ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව වෙනුවෙන් ඉදිරියටත් ඔහුගේ උපරිම දායකත්වය අපේක්ෂා කරයි.




