
අනුර දිසානායක යනු මේ ඉතිහාසයේ රටට පහළ වූ සාර්ථකම නායකයා යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මහතා සඳහන් කරයි.
එවන් ජනාධිපතිවරයකු රැක ගැනීමට මොන විදිහේ උපක්‍රමයක් යෙදුවත් එය අසාධාරණ නොවන බවද ඔහු පැවසීය.
ජනාධිපතිවරයා රැක ගැනීම සඳහා මීට වැඩි ආරක්ෂාවක් ලබා දුන්නද එකඟතාවය පළ කරන බවද හෙතෙම සඳහන් කළේය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආරක්ෂාව වැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.




