
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සමීපතමයෙකුගේ නිවසක නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව හිටපු පලාත් සභා මන්ත්රි වරුණ රාජපක්ෂ මහතා පවසයි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ පළ කළ වීඩියෝ පණිවිඩයකින් සඳහන් කළේ, මෙම සාකච්ඡාවට ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්රිවරුන් කිහිපදෙනෙක් සම්බන්ධ වී ඇති බවයි.
දිස්ත්රික්ක කිහිපයක මන්ත්රිවරුන් මෙහිදී සහභාගී වී ඇති බවද, නව ආණ්ඩුවක් පිළිබඳව වැඩිදුර සාකච්ඡා සිදුවී ඇති බවද වරුණ රාජපක්ෂ මහතා එම වීඩියෝවෙන් අනාවරණය කරයි.




