
මැරීන් ඩ්‍රයිව් මාර්ගය අද උදෑසන කුණු කසලෙන් පිරී ඇති අතර, එමඟින් එම වටපිටාව දැඩි ලෙස ජරාජීර්ණ වී තිබෙනු දක්නට ලැබිණි. මේ නිසා එය මාර්ගය භාවිතා කරන ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
ඊට පෙර, ඉරිදා (03) රාත්‍රියේ එම මාර්ග දෙපස පැවති උත්සවමය වීදි සල්පිලක් තිබූ අතර එයට විශාල ජනකායක් පැමිණි තිබුණා. කෙසේවෙතත් එය සාර්ථකව අවසන්වී තිබුණද, පසුව මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතු නිසා පරිදි සිදුවී තිබුණේ නැහැ.
මෙම පිරිසිදු කිරීමේ වගකීම, ජාතික ජනබලවේගය නියෝජනය කරන කොළඹ නගරාධිපති ව්‍රායි බල්තසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කොළඹ මහ නගර සභාවට අයත් වේ.
කෙසේවෙතත් එකී වගකීම ඉටු නොවීමෙන් මාර්ගය සහ පදික වේදිකා පුරා ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය ගොඩ ගසා තිබෙනු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.




