
අයිස් හදන රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක මිද්දෙණියට ආවේත් වරායෙන් පිට කෙරුණු කන්ටේනර් තුන් සියය අතරේදැයි රටට හෙළි කරන ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජේෂ්ඨ නීතිඥවරයෙකු වන සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ලාමක ළමයකු විදියට හැසිරීම ගැන කණගාටුවන බව පැවසු රාජපක්ෂ මහතා මෙම කන්ටේනර් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට මීට පෙර තොරතුරු ලැබී තිබුණාදැයි යන්නද රටට හෙළි කළ යුතු බව සඳහන් කළේය.




