
තම ආණ්ඩුව බාරගත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ අයිස් වැනි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට ඉඩකඩ තිබී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ඒවා අද ඊයේ අලුතෙන් ඇති වූ දේවල් නොව ආණ්ඩුවල අනුග්‍රහය සහිතව වසර ගණනාවක් තිස්සේ සිදුවූ දේවල් බවද ඔහු කියා සිටියි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සමහර දේශපාලඥයන් ඉදිරියේදී නීතිය හමුවට කැඳවනු ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සිදු කරන ප්‍රශ්න කිරීම් සමග තොරතුරු එළියට එනු හිටපු ආණ්ඩුවල ප්‍රබලයන් කලබල වී ඇති බවද පැවසූ එසේ කලබල වෙන්නේම මේවායේ සම්බන්ධතාවයන් ඔවුන් දන්නා නිසා බවද පැවසුවා.




