
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පරම්පරාවෙන්ම ධනවතුන් බව නිවාස නියෝජ්‍ය ඇමැති ටීබී සරත් මහතා සඳහන් කරයි.
ඔවුන්ට තඹුත්තේගම නගර මධ්‍යයේ ඉඩම් ගොඩනැගිලි ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව වසන්ත සමරසිංහ මහතාටත් එම පවුලේ උරුමයක් ලෙස එම දේපල ලැබී ඇතැයිද ඔහු කියා සිටී.
සමරසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් සිටින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.




