
වත්මන් රජය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට සූදානම් වන බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
දෙරණ ‘360’ වැඩසටහනට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව අනාවරණය කළේය.
ඩී.වී. චානක මහතා චෝදනා කළේ, මීට පෙර තෙල් පිරිපහදුව පමණක් ආයෝජනය සඳහා වෙන් කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය මුළු සංස්ථාවම විකුණා දැමීමට පියවර ගනිමින් සිටින බවයි.
එසේම, ලංකා ගල් අඟුරු සමාගම වැනි අතරමැදි ආයතන පවත්වාගෙන යාමෙන් පාරිභෝගිකයාට අමතර බරක් පැටවෙන බවත්, එම බලතල සෘජුවම බලාගාර වෙත ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.




