
ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සඳහා ඉකුත් වසරේ (2024) රුපියල් 80,154,422ක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.
මෙම ජනාධිපති මන්දිරවල ආරක්ෂක අංශ නිලධාරින් 392ක්, සිවිල් සේවකයින් 16 දෙනෙකු සේවයේ යෙදි තිබුණි. සිවිල් සේවකයින් 16 දෙනෙකු සදහා වැටුප් හා දිමනා ගෙවිම සදහා ඉකුත් වර්ෂයේ (2024) දි රුපියල් 13,741,080 වැයකොට තිබුණි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජනාධිපති ලේකම් කාර්යාල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.




