
ජනතා විමුක්ති පෙරමුණේ විනය සම්ප්රදාය සහ සංස්කෘතිය ජාතික ජන බලවේගයෙන් බලාපොරොත්තු විය නොහැකි බව වතු සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“ජනතා විමුක්ති පෙරමුණේ තියෙන විනය සම්ප්රදාය සංස්කෘතිය හැම තැනම තියෙන්න විදිහක් නෑ.. ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි කියන්නේ දෙකක්.
ජනතා විමුක්ති පෙරමුණ මුල් වෙලා අපි මේකට තවත් බලවේග එකතු කළා. ඒ බලවේග එකතු කරලා තමයි ජාතික ජන බලවේගය කියලා ගොඩනැඟුණේ. නැත්නම් අපට ජනතා විමුක්ති පෙරමුණ කියලම නම තියා ගන්න තිබ්බනෙ.




