
සංවිධානාත්මක අපරාධ කල්ලි සහ විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමට අත තැබීම හේතුවෙන් ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලොකුම තර්ජනය එල්ල වී ඇති බව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පෙන්වා දෙයි.

අපරාධ රාජ්‍යයක් ගොඩනඟා තිබුණේ ජාතික ජනබලවේගය විසින් නොවන අතර වර්තමානයේ භුක්ති විඳිමින් සිටින්නේ පෙර බලයේ සිටි පිරිස් වපුරපු අස්වැන්න බවත් හෙතෙම කියා සිටී.
ජාතික ජනබලවේගය ලෙස රට සුද්ධ කරගෙන යන විට සහ ජනතාවගේ ජාතික ආරක්ෂාව තහවුරු කරගෙන යන විට එම කණ්ඩායම් තුළ නිර්මාණය වූ අර්බුදයක් පදනම් කරගෙන වැලිගම සභාපතිවරයා ඝාතනය වූ බවත් ඔහු පෙන්වා දෙයි.
විෂ මත්ද්‍රව්‍ය නතර කිරීමට ලෝකයේ කවුරුවත් අත තියලා නැති බවත් මෙරට පමණක් නොව ලෝකයේවත් සංවිධානාත්මක අපරාධ කල්ලි විෂ මත්ද්‍රව්‍යය නතර කිරීමට මෙරට ජනාධිපතිවරයා අත තියා ඇති බවත් ලෝකයේ රටවල් එවැනි ක්‍රියාවකට අත ගසා නැති බව මන්ත්‍රීවරයා පැවසීය.
ජනාධිපතිගේ ක්‍රියාමාර්ග හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ලංකාවට ගෙනැවිත් ඒවා ලෝක ප්‍රසිද්ධ පත් වී ඇති බව ඒ මහතා කියා සිටී.




