
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය.
ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම වුණි.




