
අර්ජුන් මහේන්ද්රයන්ට රටින් පිටවීමට අවසර දී පාස්පෝට් නිදහස් කළ හිටපු මහේස්ත්රාත් කෙනෙක් අද වෙලා දිසාවිධායක ජනරාල් (DG) කෙනෙක්. එහෙම වුවත්, වැල්ලවායේ මහේස්ත්රාත්තුමා පාස්පෝට් එකක් නිදහස් කළා කියන හේතුවෙන් ඉවත් කරලා තිබෙනවා. “එක නීතියක් DGට, වෙන නීතියක් වැල්ලවාය මහේස්ත්රාත්ට” යනුවෙන් බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර, ඔහු තවදුරටත් කියා සිටියේ:
“මේ ආණ්ඩුව බල්ලො වලේ දාන්න මිලියන සීයක් වෙන් කරලා තියෙනවා. එහෙත් හදිසි මරණ පරීක්ෂකවරුන්ට තවමත් ප්රශ්න ඇත. ඔවුන්ගේ දීමනාවවත් රු. 3,000ක් කරන ලෙස මම කියනවා. අපේ වගේ දුෂ්කර පළාත් වල මේ ගැටළුව බරපතල ගතිකියාවක් වෙලා තියෙනවා.”
එසේම, “මේ තත්ත්වය හේතුවෙන් දැන් නඩුකාරවරුන්ටත් බයේ ඉන්න වෙලා” යනුවෙන් මන්ත්රීවරයා අවධාරණය කළා.




