
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, අමාත්‍යංශය සකසා අවසන් බංගලා හතරක් අද හෝ හෙටම අගවිනිසුරුවරයාට භාර දෙන බවයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, මෙම නව අධිකරණ ශාලාවන්හිදී වංචා–දූෂණ නඩු ඇතුළු, අගවිනිසුරුවරයා සුදුසු ලෙස තීරණය කරන නඩු විභාග කිරීමට හැකි වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් පැවසුවේ, 2017 සිට අධිකරණ සේවා කොමිෂන් සභාව කන්ටේනර් වලින් ක්‍රියාත්මක වන අතර, දැන් එම ගොඩනැගිල්ල සම්පුර්ණයෙන්ම පිළිසකර කර භාවිතයට ලබා දීමට හැකි වී ඇති බවයි.
අධිකරණ අමාත්‍යාංශයට හිමි සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමෙන් කෝටි 19ට අධික මුදලක් භාණ්ඩාගාරයට බැර කළ බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.




