
රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල වේලි ඉරිතලා ඇති බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් සංසරණය වෙමින් පවතින අතර එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
එම ජලාශ වේලි ආශ්‍රිතව එවැනි අවදානම් තත්ත්වයක් නොමැති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.




