
පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි ආශ්රිත කෙටි කෑමවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඉඳිආප්පයක මිල රුපියලකින්, ආප්පයක් රුපියල් 2කින් මිල වැඩි කිරීමටත් එම සංගමය තීරණය කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අද සිට ක්‍රියාත්මක වනපරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 17කින් ඉහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් පියවර ගැනීමත් සමග සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය මෙම තීරණවලට එළඹ තිබේ.
මේ අතර ඉහළ දැමූ තිරිඟු පිටි මිල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා බේකරි හිමිකරුවන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව එළැඹෙන සඳුදා රැස්වීමට නියමිතය.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ පාන් ඇතුළු අනෙකුත් ආහාරවල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් එදින රැස්ව තීරණයක් ගන්නා බවය.




