
ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ රාත්‍රී කාලයේ කිසිදු වාහනයක් ධාවනය නොකරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍යට සාකච්ඡාවකදී ඇය මේ බව පැවසීය.
වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි.




