
පසුගිය රජයන් සමයේ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති බව කියන අයථා දේපළ ඉපයීම් සහ මූල්‍ය රැස්කිරීම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ වනවිට හිටපු දේශපාලනඥයන් 31 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ අතර මෙම දේශපාලනඥයන් අයථා අන්දමින් ඉපයූ දේපළ සම්බන්ධයෙන් ද අල්ලස් කොමිසම මගින් විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරගෙන යන බවද එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.
හිටපු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් අයථා අන්දමින් දේපළ හෝ මුදල් උපයාගෙන ඇති නම් ඒවා අධිකරණ මාර්ගයෙන් තහනම් කර රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.




