
දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව විශාල ප්‍රමාණයෙන් නාය යෑම් එක්දහස් දෙසියයකට අධික සංඛ්‍යාවක් වාර්තා වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට වාර්තාවී ඇත.

වාර්තා වූ අධි අවදානම් කලාපවල නිවාස පන්දහසකට වැඩි ප්‍රමාණයක් තිබෙන බව මෙතෙක් සිදු කළ භූ විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරුවී තිබේ. සිදු කෙරෙන පර්යේෂණවලින් නිවාස සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව භූ විද්‍යාඥයෝ පවසති.
වාර්තා වූ නාය යෑම් පිළිබඳව සිදු කළ පර්යේෂණවලින් හඳුනා ගත් පවුල් ආරක්ෂිත ස්ථානවල යළි පදිංචි කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිර්දේශ කර ඇත. වාර්තා වූ නාය යෑම් පිළිබඳව තවදුරටත් භූ විද්‍යාත්මක පර්යේෂණ සිදු කෙරෙමින් පවතියි.
මහනුවර, කුරුණෑගල, මාතලේ, කෑගල්ල, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නාය යෑම්වලින් දැඩි බලපෑම් සිදුවී ඇත. වාර්තා වූ නාය යෑම් සංඛ්‍යා ලේඛනවලට අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් 363ක් වාර්තා වී ඇත. බදුල්ල 312ක්, නුවරඑළියේ 219ක්, මාතලේ 162ක්, කුරුණෑගල 89ක් සහ කෑගල්ල 79ක් ලෙස වැඩි නාය යෑම් වාර්තා වී තිබේ.
වාර්තා වූ නාය යෑම්, ගිලා බැසීම්, පස් කඳු සහ ගල් කඳු කඩා වැටීමේ අවදානම් පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් භූ විද්‍යාඥයින් කණ්ඩායම් පරීක්ෂණ සිදු කරන බවත් විශ්වවිද්‍යාල විද්වතුන්ගේ දායකත්වය ද අවදානම් පර්යේෂණ සඳහා ලැබී තිබෙන බවත් සඳහන්ය.




