
2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 101 කින් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයට හිමිව ඇත්තේ 93 වන ස්ථානයයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මෙම දර්ශකය අනුව පළමු තැන සිංගප්පූරු ගමන් බලපත්‍රය දිනා ඇති අතර එම බලපත්‍රය හිමි අයකුට විසා නොමැතිව රටවල් 192කට ගමන් කළ හැකිය.
දෙවැනි තැන ජපානය හා දකුණු කොරියාව ලබා තිබේ. මෙම දර්ශකයේ අවසාන ස්ථානයේ සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය තවමත් සෙසු සාර්ක් රටවල් වන නේපාලය, බංග්ලාදේශය සහ පාකිස්තානයට වඩා ඉහළින් සිටී. ශ්‍රී ලාංකිකයන්ට වීසා නොමැතිව රටවල් 39 කට ගමන් කළ හැකිය.




