
වත්මන් නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට හෝ දෝෂාභියෝගයක් ගෙන ඒම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදුකර නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
වත්මන් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ කතා පැතිරෙන අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මූලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායමේ සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (22දා) එම සාකච්ඡාව පැවැත්විණි.




