
අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කලයුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක,හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

“Smart UNP-2026” ආරම්භ කිරීමේ වැඩසටහනේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.මෙහිදී,සිරිකොත පක්ෂ මූලස්ථානයට Starlink සේවාව නිල වශයෙන් ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරුණි. වැඩසටහන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 03 වැනිදා පැවැත්වුණි. එහිදී ඔහු මෙසේ කියා සිටියේය.
අපේ නායක ඩී.එස්.සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාවයි මේ.මොකද එතුමාගෙන් ගත්ත ප්‍රයෝජනය.එදා සිට අද දක්වා වසර 78 ක් මේ රට හදන්න ගිය නායකයින් සියළු දෙනාම අපි අගය කරනවා.එතුමා ආරම්භ කලේ මධ්‍ය මහා විද්‍යාල 50 යි.අද තියෙනවා 1,400 කට වඩා.එදා විශ්ව විද්‍යාල එකයි.අද රජයේ විශ්ව විද්‍යාල 19 යි රජයේ නොවන විශ්ව විද්‍යාල 27 යි.අද රෝහල් 550 කට වඩා තිබෙනවා.අපි සහල් වලින් ස්වයංපෝෂිතයි.අපි අලුත් යුගයක ඉන්නේ.
අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කලයුතුයි.එකෙන් තමයි මේ රට දියුණු වුනේ.ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා.මම බාරගත්තා.රටේ ස්ථාවරභාවය ඇතිකලා.දැන් තියෙන්නේ ජෙන්සියටර් තිබෙන සමාජයයි.ඩිජිටල් සමාජයක්.අපි දුන්න ජංගම දුරකථනයෙන්,පරිඝණකයෙන් මේ හැම එකෙන්ම ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා.ජෙනිසියර් කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව.මේ පරම්පරාව සමඟ තමයි ඉදිරියට යන්න තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂය ඒකටයි ලෑස්ති වෙන්නේ.අද අපි ඉන්නේ ජේ.ආර්.ගේ කාලයේ නොවෙයි.අපි ඉන්නේ ට්‍රම්ප් ගේ ලෝකයේ කැමැති උනත්,නැති උනත්.අපි ඒ යුගයට යායුතුයි.ඒකට සුදුසු සමාජයක් ඇතිකල යුතුයි.අද අපි යන්නේ මවන ලද ලෝකයට.මවන ලද තාක්ෂණයටයි.ඒ දැනුම ලබා ගන්න ඕනේ.නැත්නම් අපිට ඉදිරියට ගන්න බෑ.ඒකටයි අපි ඩිජිටල් පක්ෂයක් ආරම්භ කලේ.පොලිටික්ස් වල නිව් වයිබ් එකට සෙට් වෙමු. ස්මාර්ට් යූ.එන්.පී.එකට එකතු වෙමු.




