
පලස්තීනයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය 2023 වසරේ ඔක්තෝබර් මස 07 වන දා ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීම සහ පුද්ගලයින් 250 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යාමේ සිද්ධියෙන් පසු ඇති වූ යුද ගැටුම් මේ වන විට මැද පෙරදිග කලාපය දැඩි අවිනිශ්චිතභාවකට ඇද දමා තිබේ.
ඉන් අනතුරුව ඊශ්‍රායලය, ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, යේමනයේ හූති කැරලිකරුවන් සහ ඉරානය සමග යුද ගැටුම්වලට එළැඹුණු අතර මේ සියල්ල සඳහා අණ දුන්නේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ය.
අවස්ථා ගණනාවකදී අගමැති ධූරයට තේරී පත්වූ ඔහු ඊශ්‍රායලයේ දීර්ඝතම කාලයක් එම තනතුර දැරූ පුද්ගලයා ලෙස සැලකේ.
කවුද මේ බෙන්ජමින් නෙතන්යාහු?
ඉතිහාසඥ බෙන්සියන් නෙතන්යාහු සහ ට්සිලා සේගල්ට දාව 1949 වසරේ ඔක්තෝබර් මස 21 වන දා ටෙල් අවිව්හිදී බෙන්ජමින් නෙතන්යාහු උපත ලැබී ය.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දරුවා වන බෙන්ජමින් නෙතන්යාහු, ජෙරුසලමේ හැදී වැඩුණ අතර ඔහු සිය මූලික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය හදරානු ලැබුවේ ඊශ්‍රායලයේදී සහ ඇමෙරිකා එක්සත් ජනපදයේදී ය.
බෙන්ජමින් නෙතන්යාහු ‘බීබී’ යන අනවර්ථ නාමයෙන් ද ආමන්ත්‍රණය කෙරේ.
හමුදා සේවයට එක්වීම
සිය උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු නැවත ඊශ්‍රායලය බලා පැමිණියේ, 1967 වසරේදී ය. ඒ සෑම ඊශ්‍රායල් ජාතිකයෙකුට ම අනිවාර්ය කර ඇති හමුදා සේවයට එක්වීමට ය.
ඔහු 1967 වසරේදී ඊශ්‍රායල් හමුදාවේ සේවයට බැඳුණු අතර ඊශ්‍රායල් හමුදාවේ විශේෂ බළකායේ ඒකකයක් වන ‘සයෙරෙට් මට්කල්’හි සේවය කළේ ය.
1967 වසරේදී ඊජිප්තුව, ජෝර්දානය සහ පලස්තීන විමුක්ති සටන්කාමීන් සමග ඇති වූ යුද්ධයේදී බෙන්ජමින් නෙතන්යාහු හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ අතර සතුරු දේශසීමාවෙන් ඔබ්බට ගොස් සිදුකළ මෙහෙයුම් රැසකට එක්විය.
ඊශ්‍රායලය: බිහිවීම, පිහිටීම, ජනගහනය, ප්රාග්ධනය සහ තවත් තොරතුරු
ඊශ්‍රායලයට එරෙහිව එක්සත් වීමට ඉස්ලාමීය රටවල් අසමත් වී ඇත්තේ ඇයි?
ලෙබනනයේදී පැහැර ගනු ලැබූ සබීනා ගුවන් යානයේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ඇතුළු මෙහෙයුම් කිහිපයකට ඔහු සහභාගී විය. යුද්ධයේදී අවස්ථා කිහිපයකදී ඔහු තුවාල ලැබූ අතර, 1972 දී ඊශ්‍රායල් හමුදාවේ සේවයෙන් නිදහස් කෙරිණි..
1973 දී ආරම්භ වූ යොම් කිප්පූර් යුද්ධයේ සේවය සඳහා නැවත වරක් හමුදා සේවයට සම්බන්ධ වූ බෙන්ජමින් නෙතන්යාහු කපිතාන් නිලයට උසස් වීම් ලැබුවේ ගෞරවාන්විතව සේවයෙන් නිදහස් කිරීමට පෙර ය.
උසස් අධ්‍යාපනය සහ රැකියාව
ගෘහ නිර්මාණ ශිල්පය සහ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි මැසචූසෙට්ස් ආයතනය වෙතින් උපාධි ලැබීමෙන් පසුව, 1976 සිට 1982 දක්වා කාලසීමාවේදී බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාවේ පිහිටි බොස්ටන් උපදේශක සමූහය සඳහා ආර්ථික උපදේශකයෙකු ලෙසත්, කාර්මික ගෘහ භාණ්ඩ නිෂ්පාදකයෙකු වන ජෙරුසලමේ රිම් ඉන්ඩස්ට්‍රීස්හි අලෙවිකරණ අධ්යක්ෂ ලෙසත් කටයුතු කළේ ය.
සහෝදරයාගේ වියෝව
1976 වසරේදී උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපොළේදී ක්‍රියාත්මක කෙරුණු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුමක් අතරවාරයේදී බෙන්ජමින් නෙතන්යාහුගේ වැඩිමහල් සහෝදරයා වන ලුතිනන් කර්නල් යොනතන් නෙතන්යාහු ඝාතනය විය.
බෙන්ජමින් නෙතන්යාහු මෙන් ම ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ යොනතන් සේවය කළේ, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ ‘සයෙරෙට් මට්කල්’ නමින් හඳුන්වනු ලබන විශේෂ බළකායට අනියුක්තව ය.
ප්‍රාණ ඇපකරුවන් 100කට අධික සංඛ්‍යාවක් බේරා ගැනීමට සිදුකළ ‘ඔපරේෂන් තන්ඩර්බෝල්ට්’ නම් ත්‍රස්ත විරෝධී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේදී මිය ගිය එක ම ඊශ්‍රායල් ජාතිකයා ඔහු විය.
සිය සහෝදරයාගේ මරණයෙන් පසුව නැවත ඊශ්‍රායලය බලා පැමිණි බෙන්ජමින් නෙතන්යාහු, යොනතන් නෙතන්යාහු ත්‍රස්ත-විරෝධී ආයතනය ඇරඹීය.
රාජ්‍ය තාන්ත්‍රික සේවය
1982 දී, බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් කරන ලදී.
1984 සිට 1988 දක්වා, ඔහු එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපතිවරයා ලෙස සේවය කළ අතර, ජාත්‍යන්තර තලයේ ඊශ්‍රායලයේ අරමුණ වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඔහු පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් විය.
නාසි ජර්මනිය විසින් සිදු කරන ලද යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ ලේඛනාගාරය වර්ගීකරණය කිරීමේ උත්සහයට ඔහු සාර්ථකව නායකත්වය දුන්නේය.
දේශපාලනයට පිවිසීම
මුදල් ඇමති ධුරයට පත්වීම
පෞද්ගලික අංශයේ අධිතාක්ෂණික සමාගම් සඳහා උපදේශකයෙකු සහ ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රසිද්ධ කථිකයෙකු ලෙස වසර තුනක සේවයෙන් පසු, 2002 වසරේදී බෙන්ජමින් නෙතන්යාහු නැවත දේශපාලනයට පැමිණියේ ය.
එවකට පැවති රජයේ පළමුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, ඉන්පසුව මුදල් අමාත්‍යවරයා ලෙසත් ඔහු සේවය කළේ ය.
මුදල් අමාත්‍යවරයා ලෙස, ඔහු ඊශ්‍රායලය ගැඹුරු අවපාතයකින් ගොඩ ගැනීමට සහ දිගුකාලීන වර්ධනයක මාවතකට යොමු කිරීමට උපකාරී වූ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළේ ය.
2006 වසරේ සිට 2009 දක්වා වූ කාලයේදී බෙන්ජමින් නෙතන්යාහු එරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසට ද කටයුතු කළේ ය.
දීර්ඝතම කාලයක් අගමැති ධුරය දැරීම
2009 දී බෙන්ජමින් නෙතන්යාහු නැවතත් අගමැති ලෙස තේරී පත්වූ අතර පසුව පැවති මැතිවරණවලදී අඛණ්ඩව සිව් වතාවක් අගමැති ලෙස තේරී පත් විය. ඔහු 2009 වසරේ සිට 2021 දක්වා අගමැතිවරයා ලෙස අඛණ්ඩව වසර 13ක් කටයුතු කළේ ය. ඊශ්‍රායල් ඉතිහාසයේ අඛණ්ඩව දීර්ඝතම කාලයක් අගමැති ධුරය හොබවනු ලැබූ පුද්ගලයා වන්නේ ද බෙන්ජමින් නෙත්න්යාහු ය.
ඔහුගේ ධුර කාලය තුළ, අගමැති නෙතන්යාහු ලොව බලවත් ම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රේණිගත කර තිබිණි.
ඊශ්‍රායලය ආර්ථිකය ගෝලීය තාක්ෂණික බලවතෙකු බවට සහ සයිබර් ආරක්ෂාවේ ලෝක ප්රමුඛයෙකු බවට පරිවර්තනය කිරීම සඳහා ඔහු මෙම කාලයේදී කටයුතු කළේය.
ආසියාවේ ප්රමුඛ බලවතුන් සහ අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ මුස්ලිම් රාජ්‍යයන් සමඟ ඊශ්‍රායලයේ සබඳතා විශාල ලෙස පුළුල් කිරීම සඳහා ඔහු මෙහිදී කටයුතු කළේය.
ඔහු ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඊශ්‍රායලය ඩොලර් බිලියන 38ක් වටිනා වසර 10ක ආරක්ෂක ආධාර පැකේජයක් සඳහා ගිවිසුමක් අත්සන් කළේය.
ඉරානයේ න්‍යෂ්ටික අවි ලබාගැනීම වැළැක්වීම සඳහා සම්බාධක පැනවීමේ උත්සාහයේ ප්‍රධාන නායකයෙකු ලෙස ඔහු කටයුතු කළේය. එමෙන්ම ඕනෑම තර්ජනයකට එරෙහිව ඊශ්‍රායලයට සැමවිටම තමන්ව ආරක්ෂා කර ගත හැකි බව ඔහු නැවත නැවතත් තහවුරු කර ඇත.
1988 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ඊශ්‍රායලයට නැවත පැමිණි බෙන්ජමින් නෙතන්යාහු, එරට ලිකුඩ් පක්ෂ ලැයිස්තුවෙන් නෙසෙට් සභාවට (ඊශ්‍රායල් පාර්ලිමේන්තුව) තේරී පත්වූ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය.
ගල්ෆ් යුද්ධය අතරතුර ඔහු ජාත්‍යන්තර මාධ්‍ය සඳහා ඊශ්‍රායලයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සේවය කළේ ය.
1991 දී ඔහු මැඩ්රිඩ් සාම සමුළුවට ඊශ්‍රායල් නියෝජිත පිරිසට සහ ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පළමු උපායමාර්ගික සහයෝගීතා සාකච්ඡාවලට සහභාගී විය.
1993 දී බෙන්ජමින් නෙතන්යාහු, ලිකුඩ් පක්ෂ සභාපති ලෙස තේරී පත්වූ අතර 1996 දී ඊශ්‍රායලයේ අගමැති ලෙස තේරී පත් වන තෙක් විපක්ෂ නායක ලෙස සේවය කළේ ය.
අගමැති – (පළමු ධුර කාලය 1996-99)
සිය පළමු ධුර කාලය තුළ, බෙන්ජමින් නෙතන්යාහු සාමය සහ ආරක්ෂාව පිළිබඳ කාරණාවලදී ස්ථිරභාවය සහ අන්‍යෝන්‍ය සහයෝගය වෙනුවෙන් පෙනී සිටියේ ය.
ඔහු පලස්තීන නායක යසර් අර්ෆත් සමග හෙබ්‍රොන් සහ වයි ගිවිසුම් අත්සන් කිරීමෙන් දෙරට අතර සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගිය අතර, ඔහුගේ ආරක්ෂක ප්‍රතිපත්තිය යටතේ ඊශ්‍රායලයට එරෙහි ත්‍රස්ත ප්‍රහාර සංඛ්‍යාව වේගයෙන් පහත වැටිණි.
බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයා ලෙස ඊශ්‍රායලයේ විදේශ මුදල් රෙගුලාසි ලිහිල් කළ අතර රජය සතු සමාගම් පුද්ගලීකරණය කිරීම වේගවත් කළ අතර ඒ හරහා අයවැය හිඟය අඩු කළේ ය.
ඔහුගේ ආණ්ඩුවට එල්ල වූ විවිධ දූෂණ චෝදනා හේතුවෙන් 1999 වසරේදී පැවති මහ මැතිවරණයේදී බෙන්ජමින් නෙතන්යාහුගේ පක්ෂය පරාජයට පත්විය.
දූෂණ චෝදනා එල්ල වීම
2017 වසරේදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීම හේතුවෙන් ඊශ්‍රායල් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළේ ය.
පෞද්ගලික සහ දේශපාලන වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිස් විමර්ශන සිදුකෙරුණ අතර ඊශ්‍රායල පොලිසිය ප්‍රථම වරට තහවුරු කළේ අගමැතිවරයා වංචා, විශ්වාසය කඩ කිරීම සහ නඩුවලදී අල්ලස් ලබා ගැනීම් සම්බන්ධ වූ අපරාධමය චෝදනා සම්බන්ධයෙන් සැක කරන බව ය.
ඊශ්‍රායල් ඉතිහාසයේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරනු ලැබූ පළමු අගමැතිවරයා බවට බෙන්ජමින් නෙතන්යාහු පත්වූ අතර මෙම සියලු චෝදනා පදනම් විරහිත බව ප්‍රකාශ කළ අගමැතිවරයා අඛණ්ඩව සිය ධුරයේ කටයුතු කරනු ලැබී ය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවරූ නඩු විභාගය තවමත් ක්‍රියාත්මකය.
6 වන වරටත් අගමැති ධුරයට පත්වීම
බෙන්ජමින් නෙතන්යාහු 2022 වසරේදී නැවතත් ඊශ්‍රායලයේ අගමැති ධුරයට පත්වුයේ 06 වන වරට ය. ඔහුගේ මෙම ධුර කාලයේදී ඊශ්‍රායලය කවරදාවත් නොවන ආකාරයේ යුද ගැටුම් කිහිපයකට මැදි විය.
2023 වසරේ ඔක්තෝබර් මාසයේදී හමාස් සංවිධනය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඇතිවූ යුද ගැටුම මේ වන විටත් ක්‍රියාත්මක වේ.
එමෙන් ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමගත්, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරිම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම සඳහා දියත් කෙරුණ මෙහෙයුම හේතුවෙන් බෙන්ජමින් නෙතන්යාහු ගැන ලෝකයේ වැඩි අවධානයක් යොමුව තිබේ.
උපුටා ගැනීම – BBC සිංහල




