
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙන් වූ නෞකා පහේම අන්තර්ගතව තිබුණේ බාල ගල්අඟුරු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (13) රැස්වූ යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේය.
යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඊයේ රැස්වූ අතර ඊට ලංකා විදුලිබල මණ්ඩලය , මහජන උපයෝගීතා කොමිසම සහ ලංකා ගල්අඟුරු සමාගම යන රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් ඊට කැඳවා තිබුණි.
එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ නොරොච්චෝලේ “ලක්විජය” බලාගාරය සඳහා ගෙන්වූ ප්‍රශ්නගත ගල්අඟුරු සම්බන්ධවය.




