
තමාගේ විශ්‍රාම වැටුප නැති වුණ බවත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයේ සේවකයින් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
නවීන් දිසානායක සඳහන් කළේ,
“මගෙත් පෙන්ෂන් පඩිය නැති වුණා. ඒක ඇත්ත වශයෙන්ම පෞද්ගලික මට ඒක හානියක් වෙන්නේ නෑ. මම එකක් කියන්න ඕන, මේ සියලුම මන්ත්‍රීවරුන් රජයේ සේවකයන්.
ඉතින් රජයේ සේවකයන්ට අනිවාර්යෙන්ම පෙන්ෂන් එකක් ලැබෙනවා. රාජ්‍ය සේවකයෙක්ට පෙන්ෂන් එක ලැබෙනවා නම්, මට තේරෙන්නේ නෑ ඇයි හිටපු මන්ත්‍රීවරුන්ගේ පෙන්ෂන් එක දෙන්නේ නැත්තේ කියලා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී නවීන් දිසානායක මේ බව සඳහන් කරයි.




