
ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළෙඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරයි.
මෙලෙස වෙඩි වැදී ඇත්තේ සිරිල් හෙන්දාවිතාරණ නොහොත් ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.
මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.




