
අසාධාරණ ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරගත කිරීමට ආණ්ඩුව දරණ උත්සහාය සම්බන්ධයෙන් ඉදිරියේදී ජාත්‍යන්තරය දැනුවත් කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී දිවයිනම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව පසුගියදා නීතිපතිවරයා විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබුණි.
මේ සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වු හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “ආණ්ඩුව මේ වනවිට නාගනිමින් ඉන්නවා…අපි මේක මෙතනින් අතහරින්නේ නෑ…”යනුවෙනි.




