
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න මහත්මිය, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළ සමයේ ඇඳි නිල සාරියකින් වෙබ් අඩවියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම මේ වන විට සමාජ මාධ්‍යයේ විශාල සංවාදයට හේතුවී තිබේ.
දැනට අප්සාරි මහත්මිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය නොකරන නමුත්, එම ආයතනයේ නිල ඇඳුම භාවිතා කර සම්මුඛ සාකච්ඡාවක පෙනී සිටීම ආයතනයේ නීති රීතිවලට අහෝසි බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සේවකයන් විශ්‍රාම ගත් පසු හෝ ඉවත්වූ පසු සියලුම නිල ඇඳුම් ආයතනයට ආපසු භාරදිය යුතු බවයි.
ඒ අනුව, අප්සාරි මහත්මියගේ මෙම ක්‍රියාව නීති විරෝධී බවත්, එය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනටමත් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.




