
ලංගම බස් ගාස්තු ගෙවීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඔහු සඳහන් කළේ, මෙම නව ක්‍රමය ඉදිරි මාස කිහිපය තුළ ලංගම සේවාව තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවය.
එමෙන්ම, ලංගමය ඩිජිටල්කරණය කිරීම සහ පොදු ප්‍රවාහන සේවාවේ විශාල වෙනස්කම් ඉදිරි වසර තුනක් ඇතුළත ජනතාවට දැකගත හැකි වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පියවර ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්රය නව තාක්ෂණික යුගයකට ගෙන යාමක් ලෙස සැලකේ.




