
පාස්කු ප්‍රහාරයට අදාළ මහා මොළකරු මේ වන විට නීතියේ රැහැනට හසුවී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් පල කළේ, සාම පා ගමනට සහභාගිවීමට මෙරටට වැඩමකළ භික්ෂුන් වහන්සේලා හමුවීමට අද (21) පෙරවරුවේ අත්තනගල්ල රජමහා විහාරයට පැමිණි අවස්ථාවේදි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
රටක සාමය ස්ථාපිත කිරීම සඳහා පාගමන් පැවැත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත්
සාම පාගමන් පැවැත්වීම යහපත් කාර්යයක් වුවද, ඉන් ඔබ්බට ගිය සැබෑ සාමයක් උදාකිරීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළා.
“සාම පාගමන හොඳයි. ඒත් සාමය සඳහා මුකුත් කෙරෙන්නේ නෑනේ. පාගමන ගියා කියලා විතරක් මදිනේ..”
රටේ සාමය උදාවිය යුතුව තිබුණේ මීට දශක කිහිපයකට පෙර බවත්, එය වසර 30කට පමණ පෙර සිදුවූයේ නම් වඩාත් යහපත් වනු ඇති බවත් හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
පාස්කු මහ මොළකාරයා දැන් හිරේ ඉන්නවනේ. සාමය මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා උදා වුනා නම් තමයි හොද…”




