
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසනවා.
තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ද වැඩි කැමැත්තකින් නොවන බවයි විපක්ෂ නායක කාර්යාලයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තමා වෘත්තියෙන් වෛද්‍යවරයකු නිසා පාර්ලිමේන්තුවෙන් වැටුප් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, තමාට ලංකාව තුළ හෝ විදේශගතව හෝ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ හැකි බවත් ඔහු එහිදී සඳහන් කළා.
පවරා ඇති නඩුවේ තීන්දුව පැමිණීමට පෙරම, තමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වන බවත්, එවිට තමන්ට එරෙහිව නඩුව දැමූ පුද්ගලයා පරාජයට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




