
දැන් තියෙන්නේ පොකැට් කාරයන්ගේ ආණ්ඩුවක් බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යාංශය කොල්ල කා තිබෙන බවද රාජපක්ෂ මහතා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
“පොකැට් ගහන පොකට්කාරයා තමයි මෙන්න හොරෙක් කියලා දුවන්නේ . පොකැට්කාරයා කියන දේ අහලා අහිංසක මනුස්සයො ඒ පස්සේ දුවනවා. පොකට්කාරයා හිමීට පොකැට් ගහලා මාරු වෙලා යනවා. ආණ්ඩුවත් ඒ වගේ. ආපු දවසේ ඉඳලා එක පැත්තකින් කන්ටේනර් තුන්සීය විසිතුනක් පැන්නුවා. කුඩු කන්ටේනර් වරායෙන් පැන්නුවා. අනිත් පැත්තෙන් ගල් අඟුරු
වංචාව.දැන් මුදල් අමාත්‍යාංශයේ එකවුන්ට් එකෙනුත් සල්ලි හොරකම් කරලා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




