
වියට්නාම ජනාධිපති ලාම් මහතා ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාල පවසයි.

මෙම වැඩසටහන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ තීරණය ඊයේ (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ගනු ලැබූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
එම රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, මැයි 8 දින පෙ.ව 11.05ට පමණ වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ දේශනයක් සිදු කිරීමට නියමිතය.
2026 මැයි 5 වැනි අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් ( අංක 2471/52, 2471/53, 2471/54, 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍ර) සහ නියෝගයක් (අංක 2475/28 දරන ගැසට් පත්‍රය) විවාදයට ගැනීමට තීරණය වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාල සඳහන් කරයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.
2026 මැයි 6 වැනි බදාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ඉන්පසු පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
2026 මැයි 7 වැනි බ්‍රහස්පතින්දා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 12.30 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග (අංක 2471/68 දරන ගැසට් පත්‍රය) , (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග ( අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ( 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.
ඉන්පසු ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ.
2026 මැයි 08 සිකුරාදා පෙ. ව 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව 1.30 සිට ප.ව 5.30 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 07 ක් විවාදයට ගැනීමට තීරණය වී තිබේ.




