
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
“මේකට පරිවර්තන කමිටුව කියන්නේ, යම් කිසි වෙනසක් කරන්න ඕනේ. ඒකයි පරිවර්තනීය කමිටුව කියලා නම් කරලා තියෙන්නේ. එතකොට ඒ වෙනස කරන්න. හුඟාක් මට්ටම් තියෙනවානේ, හැම මට්ටමේම සිදුවිය යුතුය. ව්‍යවස්ථාවේ ඉඳලාම බිම් මට්ටමට යනකම් හුඟාක් දේවල් සිදුවිය යුතුයි. ඒ නිසයි මේ පරිවර්තන කියන නම දාලා තියෙන්නේ.
දිගු කාලීන සහ කෙටි කාලීන සැලැසුම් ගැන දැන්මම කතා කරන්න යන්නේ නැහැ. මුලින්ම අපිට තියෙන්නේ, ඇහුම්කන් දෙන්න. නැතිව සැලැසුමක් අරන් ඇවිත් අපේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ. මුලින්ම ඇහුම්කන් දෙන්න ඕනේ. කරලා තියෙන දේවල් බලන්න ඕනේ. ඊට පස්සේ කළමනාකාරීත්වය එක්ක කතා කරන්න ඕනේ. ඊට පස්සේ පිටින් එන අදහසුත් බලන්න ඕනේ. හොඳම දීර්ඝ කාලීන සැලැසුම හදන්න යනවා අපි..”




