
ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ.
එහිදී ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119කි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
දෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙන තිබේ.
මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104 ලබාගෙන ඉදිරියට පැමිණ ඇත්තේ, තෙවන ස්ථානය දක්වාය.
තෙවන ස්ථානයේ පසුවූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබාගනිමින් සිව් වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
නවසීලන්තය සහ පාකිස්තානය පස්වන සහ හයවන ස්ථානවල පසුවෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් සමඟින් 07 වන ස්ථානය දක්වා පසුබැස තිබේ.
08, 09, 10, 11 සහ 12 වන ස්ථානවල බංග්ලාදේශ, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් පසුවෙයි.



