
අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් ‘බටුවත්තේ චාමර’ ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මොහු දිගු කළක් ඩුබාටි හී සැඟව සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු 48 හැවිරිදි රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු විසින් තුසිත හල්ලොලුව වෙත ප්‍රහාරයක් එල්ල කිරීම, ගනේමුල්ල සංජීව ඝාතනය සදහා ගිනිඅවිය ලබා දීම ඇතුළු මෙරට තුළ සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙන්ම මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරුවෙකු ද වේ .
සැකකරු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ පසු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගියේය.




