
“එන්න කියන ඕන වෙලාවක අපි එනවා” යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බලපෑම් කරලා,බය කරලා මේ ගමන යන්න බැරි බව ආණ්ඩුවේ අයත් දැනගන්න ඕනෑ යැයිද මන්ත්‍රීවරයා කීය.
මන්ත්‍රීවරයා මේ බව කීවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
“අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතු වලට සහයෝගය දෙන එක.හැබැයි අනිත් පැත්තෙන් ඒ පරීක්ෂණ කටයුතු බලපෑම් කරලා බලහත්කාරයෙන් කට උත්තර ලියාගන්නවා.න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙනවා නම් කිසිවක්ට සාධාරණයක් වෙන්නෙ නෑ. අවසානයේ ඒකෙ පාඩුවත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජනතාවට යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.




