
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුට මුදලට ඇප තබන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වාදුන් කියන සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.




