
රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට පවතින බව පවසමින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවිඩ කෙරෙහි නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ දිනවල පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම සයිබර් තර්ජන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් වාර්තා වී ඇති බව ද පොලිසිය පවසයි.
මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ සයිබර් තර්ජනවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස පොලිසිය මහජනතාවට උපදෙස් ලබා දී ඇත.




