
ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමත් සමඟ එහි සහනය ජනතාවට ලබා දෙමින්, පකිස්තාන රජය පෙට්රල් සහ ඩීසල් මිල ලීටරයකට පකිස්තාන රුපියල් 22 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම නව මිල සංශෝධනය මැයි මස 30 වනදා සිට ක්රියාත්මක වන බව එරට බලධාරීන් ප්රකාශ කර ඇත.
මෙම මිල අඩු කිරීමත් සමඟ පකිස්තානයේ පෙට්රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 22 කින් අඩු කර ඇති අතර, නව මිල පකිස්තාන රුපියල් 381 ක් පමණ වේ. (ශ්රී ලංකා රුපියල් 411.48 ක් පමණ වේ).
ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 22 කින් අඩු කර ඇති අතර, නව මිල පකිස්තාන රුපියල් 380 ක් පමණ වේ. (ශ්රී ලංකා රුපියල් 410.40 ක් පමණ වේ).
භූමිතෙල් පකිස්තාන රුපියල් 313.44 ක්ව පැවති මිල රුපියල් 272 දක්වා පහත දමා ඇත. (ශ්රී ලංකා රුපියල් 293.76 ක් පමණ වේ).
පකිස්තාන අග්රාමාත්ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනතාවට සහන සැලසීම අග්රාමාත්ය ෂෙබාස් ෂරීෆ්ගේ ප්රමුඛතම කාර්යය බවයි. “ලෝක වෙළඳපොලේ සහනය ජනතාවට ලබා දෙන බවට වූ පොරොන්දුව අග්රාමාත්යවරයා ඉටු කර ඇත” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය සතියේ ද පෙට්රල් සහ ඩීසල් මිල පකිස්තාන රුපියල් 6-7 කින් පමණ අඩු කිරීමට රජය පියවර ගෙන තිබුණි.
පකිස්තාන රජය මේ වන විට සතිපතා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත




