
ගුවන් යානා පියාසර බලපත්‍රයක් නොමැතිව වසර 17කට අධික කාලයක් ප්‍රධාන ගුවන් නියමුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු කැනඩා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

2009 වසරේ සිට 2025 වසර දක්වා අදාළ පුද්ගලයා විසින් කැනඩාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන් ඇතුළු ගුවන් ගමන් 900කට අධික සංඛ්‍යාවක් පියාසර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මේ අතර අදාළ කාල සීමාව තුළ වාණිජ ගුවන් යානා පියාසර කිරීමේ බලපත්‍රයක් හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පියාසර කිරීමේ වලංගු අවසරපත්‍රයක් අදාළ තැනැත්තා සතුව නොතිබී ඇති බවට එරට පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.
ඒ අනුව තොරතුරු අනාවරණය වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පුද්ගලයාගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන්සේවා බලධාරීන් කටයුතු කර ඇති අතර ගුවන් මගීන් දහස් ගණනකගේ ජීවිත අවධානමේ හෙළීම පිළිබඳව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සඳහන් වෙයි.




