
ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට අපහාස වන අයුරින් සහ අසත්‍ය චෝදනා නගමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ පුද්ගලයන් සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු උපදෙස් මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු මත අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.




