
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම හා ජන ජීවිත යථාවත් කිරීම සඳහා පරිත්‍යාගශීලින්ගෙන් ප්‍රදානයන් ලෙස ඉකුත් වර්ෂයේ (2025) දෙසැම්බර් මස 31 දින වන විට රුපියල් මිලියන 5,656ක මුදලක් ලැබී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක දැක්වෙයි.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් නමින් වන බැංකු ගිණුම් යටතේ මෙම මුදල් රැස්කර ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම හා ජන ජීවිත යථාවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ව්‍යවස්ථාපිත අරමුදලක් ලෙස (rebuilding srilanka) රී බිල්ඩින් ශ්‍රී ලංකා නමින් බැංකු ගිණුමක් පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබුණි.
එහෙත් එවැනි ව්‍යවස්ථාපිත අරමුදලක් 2026 වර්ෂයේ මැයි මස 20 වැනි දින වන විටත් ස්ථාපිත කර නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම හා ජන ජීවිත යථාවත් කිරීම සඳහා ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වන විට මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 33,087 ක මුදලක් ලබා දී තිබුණි.




