
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 22ක් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, ඊයේ (08) දිනට වාර්තාවට අනුව පුද්ගලයින් 27,198ක් පරීක්ෂා කර තිබේ.
සැකපිට පුද්ගලයින් 619ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 246ක් වන අතර, විවෘත වරෙන්තුකරුවන් 166ක් අත්අඩංගුවට ගෙන තිබේ.




