
රටේ පෙරළෙන සෑම බස් රථයකටම තමන්ට වගකීමක් ඇතැයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
කෙසේ වුවද එවැනි සිදුවීමකට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් මාස හයෙන් 225 දෙනාටම ඉල්ලා අස්වන්නට සිදුවනු ඇතැයි ඇමතිවරයා ප්‍රකාශ කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මේ වන විටත් බන්ධනාගාර ගැටලු සඳහා විසඳුම් සැලසුම් කරමින් ඇතැයිද තවත් වසර 4-5ක් ගියපසුද මෙවැනි සිදුවීම් වන්නේ නම් ඇමති, ලේකම්, කොමසාරිස් ඉල්ලා අස්වන්නේ දැයි සලකා බැලිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙම සිදුවීම පිටුපස කිසිදු දේශපාලන මැදිහත්වීමක් නොමැති බවද මෙයට පෙර ආණ්ඩු කාලවල බන්ධනාගාරවල සිදුවීම්, මීගමුව බන්ධනාගාර ඛේදවාචකය සමග සැසඳිය නොහැකි බවද බිමල් රත්නායක අවධාරණය කරයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව අමතමිනි.




