
හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ හෘද ආශ්රිත හදිසි සැත්කමකට භාජනය කර ඇතැයි වාර්තා වේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙම සැත්කමට භාජනය කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්රශ්න කිරීම සඳහා සුරේෂ් සැලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 25 වනදාය.
එතැන් සිට ඔහු ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්රශ්න කරමින් සිටියේය.
රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් අරඹීම හේතුවෙන් ඔහු රෝහල්ගත කරන ලද අතර, ඒ් අතරදී මෙම සැත්කම සිදු කර ඇත.
ඔහු තවදුරටත් රෝහලේදී ආරක්ෂක නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පසුවේ.




