
දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වන අලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්රතිකාර සිදුකරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අනුරාධපුර වනජීවි කලාපයේ වන අලින් 08 දෙනෙකු, පොළොන්නරුව වනජීවි කලාපයේ වන අලින් 04 දෙනෙකු, වයඹ වනජීවි කලාපයේ වන අලින් 03 දෙනෙකු සහ ඌව වනජීවි කලාපයේ වන අලින් 05 දෙනෙකු එලෙස ප්රතිකාර ලබන බවයි සඳහන් වෙන්නේ.
ප්රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසුවී පාද ආබාධයට ලක්වූ අලින් බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




