
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා, ‘රටම එකට’ මෙහෙයුම ආරම්භ කර ගතවූ මාස 09ක කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට වයස අවුරුදු 14ත් 18ත් අතර නව යෞවනයන් 743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කළා.
එසේම වයස අවුරුදු 18ත් 21ත් අතර තරුණයින් 7,866ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

ඔහු මේ බව කියා සිටියේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී දේපළ තහනම් කිරීමේ ක්‍රියාවලියට අදාළ යාවත්කාලීන තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, තමන්ගේ දරුවාගේ කතාබහේ හෝ හැසිරීමේ වෙනසක් දැනෙනවා නම් පමා නොවිය යුතු බවයි.
එසේම තමන්ගේ නොවුනද අනෙකුත් දරුවන්ගේ සුබසිද්ධිය උදෙසා ද කටයුතු කරන මෙන් ඔහු ඉල්ලා සිටියා.




