
විදේශයන්හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් (පාතාලයන්) සහ ප්‍රධාන පෙළේ සැකකරුවන් 93 දෙනෙකු මෙරටට අත්අඩංගුවට ගෙන ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය (Interpol) හරහා මේ වන විට රතු නිවේදන (Red Notices) නිකුත් කර තිබේ.

විෂ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව පැවැත්වුණු විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා විසින් මෙම තොරතුරු නිල වශයෙන් අනාවරණය කරන ලදී.
මෙම මෙහෙයුමට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් පහතින් දැක්වේ:අපරාධකරුවන් ගෙන්වා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම්රතු නිවේදන:
විදේශගතව සැඟව සිටින ප්‍රධාන අපරාධකරුවන් 93 දෙනෙකු ඉලක්ක කර රතු නිවේදන නිකුත් කර ඇත.
පසුගිය ගෙන්වා ගැනීම්:
2024, 2025 සහ 2026 මේ දක්වා කාලය තුළ රතු නිවේදන හරහා සැකකරුවන් 38 දෙනෙකු මෙරටට ගෙන්වා තිබේ.
පොලිස් මැදිහත්වීම්:
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීම මත තවත් දරුණු ගණයේ අපරාධකරුවන් 35 දෙනෙකු පසුගිය කාලයේදී මෙරටට රැගෙනවිත් ඇත. නීති විරෝධී දේපළ රාජසන්තක කිරීමඅත්අඩංගුවට ගන්නා සහ මෙරටට ගෙන්වන අපරාධකරුවන් උපයාගත් නීති විරෝධී දේපළ (වාහන, නිවාස, රත්තරන් සහ ඉඩම්) රාජසන්තක කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකය.
ඒ යටතේ අත්හිටුවා ඇති දේපළවල වටිනාකම මෙසේය:
2024 වසරේදී: රුපියල් බිලියන 1.49 ක් වටිනා දේපළ.
2025 වසරේදී: රුපියල් බිලියන 1.549 ක් වටිනා දේපළ.
2026 වසරේදී (මේ දක්වා): රුපියල් මිලියන 839 ක් වටිනා දේපළ රජයට පවරා ගැනීමට නීතිමය කටයුතු අරඹා ඇත.




