
දැනට ක්‍රියාත්මක විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණියේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නිකුත් කරන ලද සිතාසියකට අනුව ඒ මහතා මෙලෙස එම ඒකකය හමුවේ පෙනී සිට ඇත.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
සිදු කරනු ලබන අදාළ පරීක්ෂණයට සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් හමුවේ විශේෂ ප්‍රකාශයක් ලබාදීමට නාමල් රාජපක්ෂ මහතා මෙහිදී නියමිතව ඇත.




